Wednesday, June 15, 2011

වර්චුවල් PC

ඇත්තටම වර්චුවල් PC කියන්නෙ අපේ සාමාන්‍ය මෙහෙයුම් පදධතියෙම  තවත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීමයි. ඕගොල්ලො කියන්න පුලුවන් ඉතින් ඕක ඕන කෙනෙක්ට කරන්න පුලුවන්නෙ, කරන්න තියෙන්නෙ බූටබල් සීඩී එකක් අරන් වෙන පාර්ටිෂන් එකක හරි මේ පාර්ටිෂන් එකේ හරි බූට් කරන එකනෙ කියල. ඒත් මේක ඊට වඩා පහසුයි. ඔයාලට අර විදියට වෙන මෙහෙයුම් පද්ධතියක් දැම්මොත් ඒක ඕන්නැති උනාම ෆෝර්මැට් කරන්න එහෙම වෙනවනෙ. ඒත් මේකෙ එහෙම නැහැ, කරන්න තියෙන්නෙ අදාල වර්චුවල් හාර්ඩ් එක ඩිලීට් කරන එක විතරයි.
ඔය කතා වලින් අපිට වැඩක් නැහැනෙ අපි කෙලින්ම වැඩේට බහිමු.
වර්චුවල් එකක් හදන්න සොෆ්ට්වෙයාර්ස් කිහිපයක්ම තියෙනව, MS Virtual PC, VMware, Vitual Box මේ අතරින් ප්‍රදාන තැන ගන්න සොෆ්ට්වෙයාර්ස් කිහිපයක්.
මගෙ මතයට අනුවනම් මේ අතරින් වඩාත්ම සාර්ථක සොෆ්ට්වෙයාර් එක තමයි VMware කියන එක.ඒත් මන් ඔයාලට අද කියල දෙන්නෙ තෝරගත්තෙ බිල් මාමගෙ MS Virtual PC කියන එක. ඉදිරි දවසක VMware වලිනුත් කියල දෙන්නම්.

බයවෙන්නෙපා මේකට බිල් මාම සල්ලි ගන්නෑ, නිකන් දෙන්නෙ. මූලින්ම ඉතින් සොෆ්ට්වෙයාර් කෑල්ල බාගෙන ඉමු.



හරියටම තමන්ගෙ මෙහෙයුම් පද්ධතියට අදාල 32බිට්, 64බිට් සන්ස්කණය බාගන්න. නැත්තම් මේක වැඩ කරන්නෑ.
මේකට තව දෙයක් ඕනෙ අපි run කරන්න යන මෙහෙයුම් පද්ධතියෙ iso file එක ඕනෙ
මමනම් Windows XP තමයි දාන්න යන්නෙ.
දැන් ඉතින් මුලින්ම MS Virtual PC install කොරගෙන ඉමු.

ඒක කරන හැටි ඉතින් කියල දෙන්න ඕන්නැනෙ.

දැන් ඉතින් ඉන්ස්ටෝල් කරගත්තු එක ඕපන් කරගමු.


එතකොට මෙහෙම ස්ක්‍රීන් එකක් එයි


Click Next


අපි අලුතින් වර්චුවල් PC  එකක් run කරන නිසා උඩින්ම තියෙන Create a New Virtual machine දීල  Next කරන්න.



එතකොට එයි වර්චුවල් PC එකට නමක් දෙන්න. මන් දෙනව MYVM කියල දීල Next Click කරනව.



දැන් ඉතින් ඕගොල්ලො දාන්න යන මෙහෙයුම් පද්දතිය මොකක්ද කියල තෝරන්න. මම ඕන්න Windows XP තේරුව. මේකෙ ගොඩක් වෙලාවට හරියන්නෙ වින්ඩොව්ස් සන්ස්කරණ විතරයි. ඕගොල්ලො run කරන්න යන OS එක මේකෙ නැත්තම් Other තෝරන්න. Next Click කරන්න.



ඊට පස්සෙ එන වින්ඩොව් එකෙ Adjusting the RAM  තෝරල 512MB  විතර දීල Next කරන්න


A New Virtual hard Disk Select කරල  Next ඔබන්න



තමන්ට කැමති ප්‍රමානයක Disk Size එකකුයි, Location එකකුයි දෙන්න



අන්තිමට Finish ඔබන්න



එතකොට මේ වගෙ පොඩි box එකක් එයි


ඒකෙ Start කියන එක Click කරන්න


එතකොට ඔය වගෙ වින්ඩොව් එකක් එයි


 දැන් Toolbar එකේ CD =.> Capture ISO Image ක්ලික් කරන්න


ඊට පස්සෙ එන වින්ඩොව් එකේ ඕගොල්ලොන්ගෙ ISO File එක Select කරන්න


දැන් ISO එක Load වෙනකන් බලන් ඉන්න


 සමහර වෙලාවට ISO එක පාරම එක ගන්නෑ, එතකොට Action => Reset කරල, ආපහු ඉස්සෙල්ල වගේ CD => Capture ISO Image දෙන්න.


වැඩේ හරිනම් ඉතින් ඔන්න ඔය වගේ වින්ඩොව් එකක් ඇවිත් පල්ලෙහා තියෙනව වගේ Windows Setup Screen එක Load වෙයි


වෙනද Windows  දානව වගේම ඉතින් තමයි ඔකෙත් කරන්න තියෙන්නේ

ඔන්න මන් වීඩියෝ කෑල්ලකුත් දැම්ම



Comment එකත් දාන්න අමතක කරන්නෙපා

No comments:

Post a Comment