Showing posts with label මෙහෙයුම් පද්ධති. Show all posts
Showing posts with label මෙහෙයුම් පද්ධති. Show all posts

Tuesday, June 21, 2011

වර්චුවල් Android OS

මන් Andoid OS වර්චුවල් විදියට එක කරල ගත්ත Screenshots වගයක්.


























මටනම් මාර විදියට හිතට ඇල්ලුව, ඕගොල්ලොත් රන් කරල බලන්න

Friday, June 17, 2011

ගොඩක් දෙනා නොදන්නා ගූගල් ක්‍රොමියම් මෙහෙයුම් පද්ධතිය


ඇත්තටම ගොඩක් දෙනෙක් මේ මෙහෙයුම් පද්ධතිය ගැන දන්නෑ. ඒක නිසා මට හිතුන මට මේක පොඩ්ඩක් දාල බලන්න. මන් මේක රන් කරේ VMware වල. අපි මතකනෙ VMware ගැන කලින් කතා කරා. ඔන්න මන් කෙලින්ම ගත්තෙ වර්චුවල් ෆයිල් එක.

ඕන අය ඉන්නවනම් මෙන්න මේ ලින්ක් http://geeklad.com/download-the-google-chrome-os-virtual-machine එකට ගිහිල්ල පල්ලෙහාම ඇති Download the Chromium OS VMware Disk Image Torrent කියන එක ඔබන්න.

ඊට පස්සෙ බාගත්ත ෆයිල් වල මන් පල්ලෙහා රතු පාටින් ලකුණු කරල තියෙන ෆයිල් එක ඩබල්-ක්ලික් කරල ඕපන් කරන්න, එතකොට VMware වලින් ඕපන් වෙයි.


මේක ඔපන් සෝර්ස් මෙහෙයුම් පද්ධතියක්. වඩා වේගවත්, සරල,හා වඩාත් ආරක්ෂිත අන්තර්ජාලය නිතරම භාවිතා කරනා පුද්ගලයන්ට පහසුවන ආකාරයට තමයි මෙය නිපදවා තිබෙන්නේ. තවමත් මෙම ව්‍යාපෘතිය සන්ස්කරණ මට්ටමේ පවතී.



මන් ගහපු Screen-Shots වගයක් මන් ඔයාලට බලන්න දාන්නම්.


 ඔයාලගෙ G-Mail Account එක තමයි මෙතන දෙන්න ඕනෙ











Monday, December 27, 2010

වින්ඩෝස් සෙවන්ට වඩා හතර ගුණයක් වේගවත් ඕඑස් එකක් - සොරීන් ඕඑස්

ලිනක් මෙහෙයුම් පද්ධතියක් වන මෙහි ඇති ලූක් චේන්ජර් වැඩසටහන මගින් තමන් කැමති ඉන්ටෆේස් එකකට මාරුවීමට හැකි මෙහි, වින්ඩෝස් සෙවන් භාවිතා කරන්නන්ට එම ඉන්ටෙර්ෆේස් එකට , වින්ඩෝස් විස්ටා, XP හෝ වින්ඩෝස්  2000 වැනි ඉන්ටෆේස් වුවකට උවද මාරු විය හැක. මෙය වයිරස් හෝ වෙනත් මැල්වෙයාර්වලින් ආරක්ෂිතය. වින්ඩෝස් සෙවන් මෙන් හතර ගුණයක් වේගවත් මෙය විවිධ භාෂා 55 කින් ඉදිරිපත් කොට ඇත.මෙය ඕපන් සෝර්ස් මෙහෙයුම් පද්ධතියකි.
         මෙහි ඇති මෘදුකාoග පැකේජ කිහිපයක්,

  • ඔෆිස් පැකේජය - ඕපන් ඔෆිස්      
  • වෙබ් බ්‍රවුසරය - ෆයර්ෆොක්ස්
  • ඉ-මේල් ක්ලයන්ට් - එවොලූසන්
  • මියුසික් ප්ලයෙර් - රිදම් බොක්ස්
  • වීඩියෝ ප්ලයෙර් - ටෝටම්
  • ෆොටෝ එඩ්ටින් - ජිම්ප්          
සොරීන් ඕඑස් මෙහෙයුම් පද්ධතිය ඩවුන්ලෝඩ් කිරීමට මෙය ක්ලික් කරන්න


ඕගොල්ලො මගේ බ්ලොග් එකට කැමතිනම් පල්ලෙහා තියෙන advertisement එකක් ක්ලික් කරල මට සහයෝගය දෙන්න

Tuesday, November 16, 2010

ලග එන Windows 8

දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව 2011 ජූලි මාසය පමණ වන විට Microsoft සමාගම තම නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 8 හි beta Version එක එලි දක්වීමට නියමිතය.



Microsoft සමාගම විසින් නිකුත් කරන ලද වීඩියෝව.


Windows 8 හි ලීක් Images කිහිපයක්







Windows 8 Theme Pack එක Download කර Windows 8 හි සියලුම අත්දැකීම් විදගන්න.