Wednesday, June 15, 2011

මොකක්ද මේ wifi කියන්නෙ?


මේ මොකක්ද කියල ඉතින් ගොඩක් අය දන්නවනෙ.ඒත් සමහර අය තියෙන සමහර ප්‍රශ්න දැක්කම මට හිතුන මේ ගැන පොඩ්ඩක් කතා කරන්න. ඇත්තටම  wifi කියන්නෙ Wireless Fidelity කියන එකයි. ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප්, ipod,වගේ උපකරණ මේ හරහා අන්තර්ජාලයට සම්බන්ධ කරන්න පුලුවන්.ඕව ගැන ඉතින් තව කතා කරල වැඩක් නහැනේ.
අපේ අයට තියෙන ප්‍රශ්න ගැන අපි කතාකරමුකො.


  • ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි අපිටත් පුලුවන්ද  wifi zone එකක් හදාගන්න?
ඔව් පුලුවන්, මේකට ඉතින් wifi රවුටරයක් ගන්න ඕනෙ. සාමාන්‍ය රවුටරයකට වඩා මේක පොඩ්ඩක් ගණන්. සාමාන්‍යයෙන් rs.6500 ක් විතර වෙයි. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ අපේ අන්තර්ජාල සම්බන්ධතාව රවුටරයට සම්බන්ධ කරන එක. ඔන්න දැන් වැඩෙ හරි. ලැප් එකක් තියෙනවනම් ඉතින් අවුලක් නැතිවම යන්න පුලුවන්. සාමාන්‍ය පරිඝනකයට සවි කරනවනම් ඉතින් Wifi Dongle එකක් හයි කරගන්න වෙයි.

  • Wifi නොමිලේද දෙන්නෙ?
අපේ ගෙදර හදාගත්ත එකක්නම් ඉතින් අන්තර්ජාල සම්බ්න්ධතාවට ගෙවන මුදලම ගෙවන්න ඕනෙ,  wifihotspot එකකනම් ඉතින් පාස්වර්ඩ් දාලනම් එක්කො සල්ලි දීල යන්න ඔනෙ නැත්තම් ඉතින් වෙන ජිල් මාර්ට් එකක් දාන්න ඕනෙ. Airport එකෙ, Universitiesවල, Instituteවල වගෙ ස්ථාන වල hotspot තියෙනව.

  • කෙතරම් වේගයකින් හා දුරකට දත්ත සන්නිවේදනය කළ හැකිද?
ඒක ඉතින් අපේ අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය මත තමයි රදා පවතින්නෙ. දුරනම් ඉතින් රවුටර් එකේ ස්ටැන්ඩර්ඩ් එක මත තමයි. පල්ලෙහයින් දාල තියෙනව ලිස්ට් එක,
Type     Frequency    Maximum Data Rate     Modulation      Indoor Rate     Outdoor Rate
             2.4GHz              2Mbps                        FHSS/DSSS        20m                  100m
a           5GHz               54Mbps                        OFDM                 35m                  120m
b           2.4GHz           11Mbps                         DSSS                  40m                  140m
g           2.4GHz           54Mbps                         OFDM                40m                   140m
n           2.4/5GHz      300Mbps                        SDM                   70m                    250m

  • මොනවද මේ wifi වල වාසි?
  1. Wifi Signal තිබෙනා ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාව
  2. එකවර් Wifi සහිත උපාන්ග කිහිපයකින් උවද සම්බන්ධ වීමේ හැකියාව
  3. Network Cable ඇදීම සදහා යන වියදම නැතිවීම



5 comments:

  1. thx bro.mama me gana hoya hoya hitiye.

    ReplyDelete
  2. Thankz machan..Ela Post 1ka..jaya wewa...

    ReplyDelete
  3. good macho...ela ela. macho mamath karanawa blog ekak.eka karanne microcontrol programming gana.interest ekek thiyana aya enna.

    http://adfoc.us/10160012977773

    ReplyDelete
  4. HSPDA මොකද්ද කියලා කියන්න පුලුවන්ද.

    ReplyDelete