Sunday, June 19, 2011

Skype බාගන්නැතුව Skype කෝල් ගමුද?

ඕගොල්ල්න්ට කරන්න තියෙන්නෙ මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල ඕගොල්ලන්ගෙ Account එකේ විස්තර  දෙන එක විතරයි. බාආගන්න මොනවත් සොට්ටයා කෑලි නෑ.

https://imo.im/

Skype විතරක් නෙවෙයි Yahoo Messenger, G-Talk, MSN වගේ ගොඩක් Messengers වලට මෙතනින් ලොග් වෙන්න පුලුවන්.



Saturday, June 18, 2011

ක්‍රොම් එකේ තියෙන පාස්වර්ඩ් බලමුද?

මන් අද ඔයාලට අරන් ආව පොඩි සොට්ටය කෑල්ලක්, මේක නිකන් හැකින් සොෆ්ට්වයාර් එකක් වගේ. ඒත් එහෙමත් නැහැ. ඕගොල්ලන්ගෙ පාස්වර්ඩ් එහෙම අමතක උනාම තමයි මේකෙ වටිනාකම තියෙන්නෙ. හැබැයි ඉතින් අනිත් අයගෙ Machine වලට දාල් පාස්වර්ඩ් බලන්නන්නම් එපා. මේක ඉන්ස්ටෝල් කරන්න දේකුත් නෑ, මන් දෙන ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන් ChromePass.exe කියන ෆයිල් එක රන් කරන්න විතරයි ඕනෙ.  





ඕන්න එහෙනම් මෙතනින් බාගන්න

අපිට ඕන්නම් පාස්වර්ඩ් ටික Text ෆයිල් එකකක්ට උනත් ගන්න පුලුවන්.


එහෙනම් කට්ටිය කමෙන්ට් එකක් දාන්ම යන්නකො

Friday, June 17, 2011

කෝ Game ගහන අය අත උස්සන්න

ඕක ඉතින් අහන්නත් දෙයක්ද , Game නැත්තම් අපිට කොම්පුටෙර් මොකටද නේ?  පරිඝනක භාවිතා කරන්නන්ගෙන් 90% විතර කරන්නෙ Game ගහන එක තමයි.
මන් මේ Game එකක් ගැන කියන්න යන්නෑ, Game Booster එකක් ගන තමයි මන් කියන්න යන්නෙ. මේ ගැන වැඩි වල්පල් ඕන්නෑ බාගෙනම දාල බලන්න. මේකෙන් වැඩ ගන්න හැටි වීඩියෝ කෑල්ලකුත් තියෙනව.


මේකෙ ක්‍රැක් කිරිලි මොකුත් නැ, නිකන් තමයි දෙන්නෙ.



G-Mail ගිණුම වර්චුවල් හාර්ඩ් එකක් කරගනිමුද?

මන් ඉන්ටර්නෙට් ඒකෙ ගූගල් වල රහස් හොයද්දි තමයි මට මේක හම්බුනේ.
මේ ටිකේම ඉතින් වර්චුවල් හාර්ඩ් ඩිස්ක් ගැනමනෙ කතා කලේ. ඒත් මේක ඊට ටිකක් වෙනස් වර්චුවල් හාර්ඩ් ඩිස්ක් එකක්. මේක ගැන ඉතින් වැඩි විස්තරයක් කියන්න නෑ. කරලම තමයි බලන්න ඕනේ. මේකට ඉතින් පොඩි සොට්ටයා කෑල්ලක් බාගන්න ඔනේ. ක්‍රැක් කිරිලි මොකුත් නෑ, නිකන් තමයි දෙන්නෙ. මේ සොෆ්ට්වෙයාර් එක ගැන විස්තර ඔක්කොම මේ ඩවුන්ලෝඩ් ෆයිල් එකත් එක්ක තියෙන හෙල්ප් බුක් එකේ තියෙනව.


Setup File එක රන් කළාම ඔය වගේ වින්ඩොව්ස් දෙකක් ඕපන් වෙයි.


ටික වෙලාවකින් ඕක Close කරල දාල My Cromputer ඕපන් කරන්න.


මෙන්න බොල වැඩක් අලුතෙන් ඩිස්ක් එකක් ඇවිත්. මේක තමයි මන් මුලින්ම කිව්ව වර්චුවල් හාර්ඩ් ඩිස්ක් එක. ඕක ඩබල් ක්ලික් කරන්න.


මෙතන ඕගොල්ලන්ගෙ GMail Account එකෙ විස්තර දෙන්න.


ඇතුලට ගිහිල්ල මන් හැදුව වගෙ ෆෝල්ඩර් එකක් කරන්න.


දැන් ඕගොල්ලන්ගෙ GMail ගිණුමෙ Inbox එකට ගිහිත් බලන්න මේ වගෙ අලුත් EMail එකක් ඇවිත් ඇති. 


ඊට පස්සෙ අලුතෙන් හදපු ෆෝල්ඩර් එකට ගිහින් මන් වගෙ එක එක ෆෝර්මැට් වල ෆයිල් කොපි කරන්න. හැබැයි මතක තියාගන්න 25MB තමයි උපරිම ෆයිල් සයිස් එක.


මෙන්න අපි දාපු ෆයිල් ටික අපේ Inbox එකට ඇවිල්ල.






මේක 32-bit වලට වැඩ කරපු කෙනෙක් ඉන්නවනම් කියන්න



ගොඩක් දෙනා නොදන්නා ගූගල් ක්‍රොමියම් මෙහෙයුම් පද්ධතිය


ඇත්තටම ගොඩක් දෙනෙක් මේ මෙහෙයුම් පද්ධතිය ගැන දන්නෑ. ඒක නිසා මට හිතුන මට මේක පොඩ්ඩක් දාල බලන්න. මන් මේක රන් කරේ VMware වල. අපි මතකනෙ VMware ගැන කලින් කතා කරා. ඔන්න මන් කෙලින්ම ගත්තෙ වර්චුවල් ෆයිල් එක.

ඕන අය ඉන්නවනම් මෙන්න මේ ලින්ක් http://geeklad.com/download-the-google-chrome-os-virtual-machine එකට ගිහිල්ල පල්ලෙහාම ඇති Download the Chromium OS VMware Disk Image Torrent කියන එක ඔබන්න.

ඊට පස්සෙ බාගත්ත ෆයිල් වල මන් පල්ලෙහා රතු පාටින් ලකුණු කරල තියෙන ෆයිල් එක ඩබල්-ක්ලික් කරල ඕපන් කරන්න, එතකොට VMware වලින් ඕපන් වෙයි.


මේක ඔපන් සෝර්ස් මෙහෙයුම් පද්ධතියක්. වඩා වේගවත්, සරල,හා වඩාත් ආරක්ෂිත අන්තර්ජාලය නිතරම භාවිතා කරනා පුද්ගලයන්ට පහසුවන ආකාරයට තමයි මෙය නිපදවා තිබෙන්නේ. තවමත් මෙම ව්‍යාපෘතිය සන්ස්කරණ මට්ටමේ පවතී.



මන් ගහපු Screen-Shots වගයක් මන් ඔයාලට බලන්න දාන්නම්.


 ඔයාලගෙ G-Mail Account එක තමයි මෙතන දෙන්න ඕනෙ











Thursday, June 16, 2011

VMware වලින් වර්චුවල් PC එකක් සාදා ගමු

ඔන්න මන් පොරොන්දු උන විදියටම අද VMware වලින් වර්චුවල් PC එකක් හදන්නෙ කොහොමද කියල කියල දෙන්නයි ආවෙ. මේකෙත් ඉතින් වැඩි වෙනසක් නැහැ. ඒක නිසා මන් තීරනය කළා මේක වීඩියෝ එකකින් පෙන්නන්න.


ඔක්කොටම ඉස්සෙල්ල ඉතින් සොෆ්ට්වයාර් කෑල්ල බාගෙන ඉමු. හැබැයි මෙකනම් ඉතින් නිකන් දෙන්නෑ, සල්ලි දීල ගන්න ඕනෙ. අපි කවද්දනෙ සල්ලි දීල ගත්තෙ. සීරියල් එකත් එක්ක සොෆ්ට්වෙයාර් එක තියෙන ටොරන්ට් එක මෙතනින් බාගන්න. 







Wednesday, June 15, 2011

වර්චුවල් PC

ඇත්තටම වර්චුවල් PC කියන්නෙ අපේ සාමාන්‍ය මෙහෙයුම් පදධතියෙම  තවත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීමයි. ඕගොල්ලො කියන්න පුලුවන් ඉතින් ඕක ඕන කෙනෙක්ට කරන්න පුලුවන්නෙ, කරන්න තියෙන්නෙ බූටබල් සීඩී එකක් අරන් වෙන පාර්ටිෂන් එකක හරි මේ පාර්ටිෂන් එකේ හරි බූට් කරන එකනෙ කියල. ඒත් මේක ඊට වඩා පහසුයි. ඔයාලට අර විදියට වෙන මෙහෙයුම් පද්ධතියක් දැම්මොත් ඒක ඕන්නැති උනාම ෆෝර්මැට් කරන්න එහෙම වෙනවනෙ. ඒත් මේකෙ එහෙම නැහැ, කරන්න තියෙන්නෙ අදාල වර්චුවල් හාර්ඩ් එක ඩිලීට් කරන එක විතරයි.
ඔය කතා වලින් අපිට වැඩක් නැහැනෙ අපි කෙලින්ම වැඩේට බහිමු.
වර්චුවල් එකක් හදන්න සොෆ්ට්වෙයාර්ස් කිහිපයක්ම තියෙනව, MS Virtual PC, VMware, Vitual Box මේ අතරින් ප්‍රදාන තැන ගන්න සොෆ්ට්වෙයාර්ස් කිහිපයක්.
මගෙ මතයට අනුවනම් මේ අතරින් වඩාත්ම සාර්ථක සොෆ්ට්වෙයාර් එක තමයි VMware කියන එක.ඒත් මන් ඔයාලට අද කියල දෙන්නෙ තෝරගත්තෙ බිල් මාමගෙ MS Virtual PC කියන එක. ඉදිරි දවසක VMware වලිනුත් කියල දෙන්නම්.

බයවෙන්නෙපා මේකට බිල් මාම සල්ලි ගන්නෑ, නිකන් දෙන්නෙ. මූලින්ම ඉතින් සොෆ්ට්වෙයාර් කෑල්ල බාගෙන ඉමු.



හරියටම තමන්ගෙ මෙහෙයුම් පද්ධතියට අදාල 32බිට්, 64බිට් සන්ස්කණය බාගන්න. නැත්තම් මේක වැඩ කරන්නෑ.
මේකට තව දෙයක් ඕනෙ අපි run කරන්න යන මෙහෙයුම් පද්ධතියෙ iso file එක ඕනෙ
මමනම් Windows XP තමයි දාන්න යන්නෙ.
දැන් ඉතින් මුලින්ම MS Virtual PC install කොරගෙන ඉමු.

ඒක කරන හැටි ඉතින් කියල දෙන්න ඕන්නැනෙ.

දැන් ඉතින් ඉන්ස්ටෝල් කරගත්තු එක ඕපන් කරගමු.


එතකොට මෙහෙම ස්ක්‍රීන් එකක් එයි


Click Next


අපි අලුතින් වර්චුවල් PC  එකක් run කරන නිසා උඩින්ම තියෙන Create a New Virtual machine දීල  Next කරන්න.



එතකොට එයි වර්චුවල් PC එකට නමක් දෙන්න. මන් දෙනව MYVM කියල දීල Next Click කරනව.



දැන් ඉතින් ඕගොල්ලො දාන්න යන මෙහෙයුම් පද්දතිය මොකක්ද කියල තෝරන්න. මම ඕන්න Windows XP තේරුව. මේකෙ ගොඩක් වෙලාවට හරියන්නෙ වින්ඩොව්ස් සන්ස්කරණ විතරයි. ඕගොල්ලො run කරන්න යන OS එක මේකෙ නැත්තම් Other තෝරන්න. Next Click කරන්න.



ඊට පස්සෙ එන වින්ඩොව් එකෙ Adjusting the RAM  තෝරල 512MB  විතර දීල Next කරන්න


A New Virtual hard Disk Select කරල  Next ඔබන්න



තමන්ට කැමති ප්‍රමානයක Disk Size එකකුයි, Location එකකුයි දෙන්න



අන්තිමට Finish ඔබන්න



එතකොට මේ වගෙ පොඩි box එකක් එයි


ඒකෙ Start කියන එක Click කරන්න


එතකොට ඔය වගෙ වින්ඩොව් එකක් එයි


 දැන් Toolbar එකේ CD =.> Capture ISO Image ක්ලික් කරන්න


ඊට පස්සෙ එන වින්ඩොව් එකේ ඕගොල්ලොන්ගෙ ISO File එක Select කරන්න


දැන් ISO එක Load වෙනකන් බලන් ඉන්න


 සමහර වෙලාවට ISO එක පාරම එක ගන්නෑ, එතකොට Action => Reset කරල, ආපහු ඉස්සෙල්ල වගේ CD => Capture ISO Image දෙන්න.


වැඩේ හරිනම් ඉතින් ඔන්න ඔය වගේ වින්ඩොව් එකක් ඇවිත් පල්ලෙහා තියෙනව වගේ Windows Setup Screen එක Load වෙයි


වෙනද Windows  දානව වගේම ඉතින් තමයි ඔකෙත් කරන්න තියෙන්නේ

ඔන්න මන් වීඩියෝ කෑල්ලකුත් දැම්ම



Comment එකත් දාන්න අමතක කරන්නෙපා